අදාළ පර්යේෂණ මත පදනම් ව මෙම වසරේ අධ්‍යාපනික හා සංස්කෘතික ඇතුළු ක්ෂේත්‍රයන් හි විවෘතභාවය චීනය තවදුරටත් පුළුල් කරයි. ඒ චීනය සඳහා විදේශ ආයෝජන කටයුතු උපරිම ප්‍රශස්ත අයුරින් පවත්වා ගෙන යාම සඳහා ය. චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශිකා He Yongqian මහත්මිය ඊයේ(20) පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළාය.
චීන වාණිජ අමාත්‍යාංශය ‘2025 වසරේ විදේශ ආයෝජන තහවුරු කිරීමේ ක්‍රියාකාරීත්ව සැලැස්ම’පළ කර ඇති බවත් එය ක්‍රියාවට නැංවීමට වාණිජ අමාත්‍යාංශය අවශ්‍ය පියවර ගනු ඇති බවත් ඇය මෙහි දී පැවසුවාය. මේ සඳහා අදාළ ක්ෂේත්‍රයන් හි විවෘතභාවය තවදුරටත් පුළුල් කෙරේ. ‘චීනය සඳහා ආයෝජනය කිරීම’යන සන්නාමය අඛණ්ඩ ව දැනුවත් කිරීමට අපේක්ෂා කෙරේ. එසේ ම, සේවා හා ව්‍යාපාරික පරිසරය තවදුරටත් වැඩිදියුණු කිරීමට ද චීනය කටයුතු කරන බව චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශිකාව එහිදී වැඩිදුරටත් සඳහන් කළාය.