“අධ්‍යාපනය පිළිබඳ චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ වැදගත් අදහස් ප්‍රකාශ ”යන ග්‍රන්ථයේ ප්‍රංශ, රුසියන්, ස්පාඤ්ඤ හා අරාබි සංස්කරණයන් මුද්‍රණය කෙරේ. චීන අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් එම ග්‍රන්ථය ප්‍රංශ, රුසියන්, ස්පාඤ්ඤ හා අරාබි යන විදෙස් භාෂා හතරට පරිවර්තනය කර ඇත. එම විදෙස් භාෂා සංස්කරණයන් චීන විදේශ භාෂා ඉගැන්වීම් හා පර්යේෂණ මුද්‍රණාගාරය සහ චීන උසස් අධ්‍යාපන මුද්‍රණාගාරය විසින් මුද්‍රණය කර බෙදා හැර තිබේ.
“අධ්‍යාපනය පිළිබඳ චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ වැදගත් අදහස් ප්‍රකාශ ” ග්‍රන්ථය 2020 වසරේදී මුද්‍රණය කෙරිණ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අධ්‍යාපනය පිළිබඳ සිදු කළ අදහස් ප්‍රකාශ පිළිබඳව එම ග්‍රන්ථයේ සවිස්තරාත්මක ව පහදා දෙනු ලැබිණ. එම ග්‍රන්ථයේ විදෙස් භාෂා සංස්කරණයන් මගින් විදෙස් පාඨකයන්ට නව යුගයේ චීන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා වර්ධනය පිළිබඳ මනා අවබෝධයක් ලබා ගත හැකි ය.