29.5 C
Colombo
Wednesday, February 25, 2026

අඛණ්ඩව වසර 13ක් චීනය ලොව විශාලතම අන්තර් ජාල සිල්ලර වෙළඳපොල බවට පත්වෙයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීනය අඛණ්ඩව වසර 13ක් පුරා ලොව විශාලතම අන්තර් ජාල සිල්ලර වෙළඳපොල බවට පත්වෙයි.චීනයේ ඩිජිටල් පරිභෝජනය යුවාන් ට්‍රිලියන 23.8 ඉක්මවා ගොස් තිබේ.ජාතික ඊ වාණිජ කාර්ය සමුළුවේදී මෙම තොරතුරු අණාවරණය විය.

ගෙවුණු වසර පහ තුළදී චීනයේ ඊ වාණිජ අංශය ඉහළ ගුණාත්මක ශක්තිමත් සංවර්ධනයක් අත්කර ගෙන තිබේ.බාහිර අවිනිශ්චිතතා මධ්‍යයේ වුවද චීනය පොදු ජයග්‍රාහී සහයෝගිතාවන් අඛණ්ඩව පුළුල් කර තිබේ.හවුල්කාරී රටවල් සමග සේද මාවත ඊ වාණිජ සහයෝගතාවන් 36ක් දක්වා වර්ධනය වී ඇත.ඊ වාණිජ අංශය රැකියා නිර්මාණයේදී හා කර්මාන්ත උත්ශ්‍රේණිගත කිරීමේ ප්‍රධාන එන්ජිමක් බවට පත්ව ඇත.එම අංශයේ ‍රැකියා නියුක්තිය මිලියන 78 ඉක්මවා ඇත.ගෙවුණු වසර  පහ පුරා අධිවේගී තැපැල් භාණ්ඩ බෙදාහැරීමේ පරිමාව සියයට 20කට ආසන්න ප්‍රමාණයකින් වාර්ෂිකව වර්ධනය වී තිබේ. මෘදුකාංග සහ තොරුතු සේවා සිට විශාල දත්ත කර්මාන්තද වේගයෙන් වර්ධනය වී තිබේ. නව නිපැයුම් ප්‍රමුඛ කරගත් වර්ධනය , ඊ වාණිජ පරිසර  සංවර්ධනය මෙන්ම එම අංශයේ ජාත්‍යන්තර සහයෝගතාවන් මෙම වසරේ ප්‍රතිපත්ති ප්‍රමුඛතාවන්ට අයත් වෙයි.

 

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here